මොරටුව, මොරටුමුල්ල පොලිස් වසමේ බොල්ගොඩසිරි මාවත, කඩලාන ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් තම නිවසට ගිනි තබා විනාශ කොට ඇති බව වාර්තා වේ.
ගිනි තැබීමට හේතුව අඹු සැමියන් අතර ආරවුලක් බව වාර්තා වන අතර බිරිද විසින් මෙම සිදුවීම ගැන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබේ.
නිවෙස් හිමියා විසින් තම බිරිඳ සහ දරුවන් දෙදෙනා වෙනත් නිවසකට ගොස් සිට ඇති අවස්ථාවේදී මෙලෙස නිවසට ගිනිතබා ඇති බවයි පැවසෙන්නේ.
ගිනි තැබීමෙන් පාසල් දරුවන් දෙදෙනාගේ පොත්පත් රැසක් ද නිවසේ දේපළ රැසක් විනාශ වී තිබේ.














































