මස්කෙළිය බ්‍රවුන්ස්වික් වතුයායේ මන්දකට හසුව මිය ගිය විශාල ප්‍රමාණයේ කඳුකර දිවියකුගේ මල සිරුරක් අද (29) දින හමුව ඇත.
එම වතුයායේ තේ දළු කඩමින් සිටි පිරිසක් මෙම දිවි මල සිරුර දැක ඒ පිළිබඳව නල්ලතන්නිය වනජිවි කාර්යාලය දැනුවත් කිරිමෙන් පසු එහි නිලධාරින් විසින් මෙම දිවි මල සිරුර
පිළිබඳව පරීක්ෂණ ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.
මේ පිළිබඳව සිදු කරන ලද විමසීමකදි එහි නිලධාරියකු පවසන ලද්දේ දිගින් අඩි 6යි අගල් නවයක් සහ උස අඩි 2යි
අගල් අටකින් පමණ සමන්විත මෙම දිවියා යම් පිරිසක් විසින් අටවන ලද උගුලකට හසුව මිය ගොස් ඇති බවත්ය.
මේ පිළිබඳව හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයට
දැනුම්දී අධිකරණ අවසරය මත වෛද්‍ය පරීක්ෂණය සදහා මෙම දිවි මල සිරුර රන්දෙනිගල පශු වෛද්‍ය රෝහල වෙත රැගෙන යාමට පියවර ගන්නා බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.
 
	    	



























 
		    

















