හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද (19) දින ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස ඊයේ (18) දැනුම්දීමක් කර තිබූ අතර ඒ අනුව හිටපු නීතිපති දප්පුල ද ලිවේරා වෙනුවෙන් ඔහුගේ නීතීඥවරයෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටි බව වාර්තා වේ.
අදාළ කරුණ සම්බන්ධයෙන් පිටු 7කින් සමන්විත නෛතික විරෝධතාවයක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත ඉදිරිපත් කළ බව සඳහන්.













































