දැනට ඉදිරිපත්ව තිබෙන “ ශ්‍රී ලංකා මහ බැංකු කෙටුම්පත “ වෙනුවට ශ්‍රේෂ්ඨාධිකරණයට ලබා දුන් ප්‍රතිඥාවට අනුකූලව නව කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් අගමැති දිනේෂ් ගුණවර්ධන වෙත අද (09) පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්‍යාලයේ දී ලිපියක් භාර දුන් බව වාර්තා වේ.
අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ , උදය ගම්මන්පිල , ගෙවිඳු කුමාරතුංග , මොහොමඩ් මුසම්මිල් , අසංක නවරත්න , වාසුදේව නානායක්කාර , ගෙවිදු කුමාරතුංග , ජයන්ත සමරවීර වීරසුමන වීරසිංහ යන මන්ත්‍රීවරු පිරිසක් මෙම ලිපියට අත්සන් තබා ඇති බව සදහන්.














































