නීති විරෝධී ගංජා හේනක් පවත්වා ගෙන ගිය පුද්ගලයෙක් ඊයේ (19) අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හම්බේගමුව ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි අයෙකි .
මෙම සැකකරු විසින් අක්කර භාගයක පමණ භූමි ප්‍රමාණයක ගංජා ගස් 3000 ක් සහ ගංජා පැළ 25,000 ක් වගා කර තිබූ බව සඳහන්.
හම්බේගමුව පොලිසිය ප්‍රකාශ කළේ අදාළ ගංජා ගස් සියල්ල ගිනි තබා විනාශ කළ බවයි.