විශේෂ කාර්‍ය බළකා ගම්පොළ කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත අද (28) අලුයම කළ වැටලීමකින් ගම්පොළ, කුරුඳුවත්ත, රාක්ෂාව කඩ වීදිය, උඩහේන්තැන්න ප්‍රදේශයේ නිවසක සඟවා තිබිය දී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සොයාගෙන තිබෙන බව වාර්තා වේ .
ටී-56 ගිනි අවිවලට භාවිත කරන වර්ගයේ පතොරම් යෙදිය හැකි මෙම තුවක්කුව සමඟ, එම වර්ගයේ එක් උණ්ඩයක් ද හමු වී තිබේ .
මෙම ගිනි අවිය, දඩයම් සඳහා භාවිත කරන එකක් බව සඳහන් .
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස් අවුරුදු 35ක පුද්ගලයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු කුරුඳුවත්ත පොලීසිය විසින් සිදු කරනු ලබයි.














































