119 මධ්‍යස්ථානයෙන් ලද තොරතුරකට අනුව කොටබෝව ප්‍රදේශයේ ළිඳක් තුළ තිබී ඊයේ (18) පිරිමි මළ සිරුරක් මැදගම පොලීසිය විසින් සොයා ගත් බව වාර්තා වේ.
මෙසේ මිය ගොස් ඇත්තේ අලුත්තවල , කොටබෝව ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි අයෙකි .මොහු පසුගිය 15 වනදා සිට අතුරුදන් බවට ඔහුගේ පුත්‍රයා විසින් මැදගම පොලීසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇති බව සදහන්.
මරණ පරීක්ෂණය සඳහා මෘත දේහය බදුල්ල මහ රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මැදගම පොලීසිය වැඩි දුර විමර්ශන කටයුතු සිඳු කරනු ලබයි.














































