ළිඳකින් පිරිමි මළ සිරුරක් හමුවෙයි.

119 මධ්‍යස්ථානයෙන් ලද තොරතුරකට අනුව කොටබෝව ප්‍රදේශයේ ළිඳක් තුළ තිබී ඊයේ (18) පිරිමි මළ සිරුරක් මැදගම පොලීසිය විසින් සොයා ගත් බව වාර්තා වේ.

මෙසේ මිය ගොස් ඇත්තේ අලුත්තවල , කොටබෝව ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි අයෙකි .මොහු පසුගිය 15 වනදා සිට අතුරුදන් බවට ඔහුගේ පුත්‍රයා විසින් මැදගම පොලීසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇති බව සදහන්.

මරණ පරීක්ෂණය සඳහා මෘත දේහය බදුල්ල මහ රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මැදගම පොලීසිය වැඩි දුර විමර්ශන කටයුතු සිඳු කරනු ලබයි.

Exit mobile version