English
සිංහල
06:46 බදාදා, නොවැම්බර් 26, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    මහවැලියේ මහා ඉඩම් කොල්ලයක්.

    publisher 3 by publisher 3
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවැලි එච් කලාපයේ තඹුත්තේගම, නොච්චියාගම හා ගල්නෑව නගරවල පිහිටි රජයේ වටිනා ඉඩම් මහවැලි අධිකාරිය හරහා දේශපාලන හිතවතුන් හා මහවැලි නිලධාරීන් අතරේ රහසිගතව බෙදා දෙමින් පවතින බව වාර්තා වේ.

    මහවැලි අධිකාරිය හරහා ඉඩම් බෙදා දීම ජනාධිපතිවරයා විසින් ඉකුත් නොවැම්බර් මස 11 වැනි දින තහනම් කරනු ලැබ ඇති පසුබිමක පොළොන්නරුව ප්‍රදේශයේ දේශපාලන ආධාරකරුවන් පිරිසකටත්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැති ඇමැතිවරුන්ගේ ලැයිස්තු වලටත් පර්චස් 10 – 20 බැගින් වූ ඉඩම් කැබැලි 100 කට ආසන්න ප්‍රමාණයක් මෙලෙස බෙදා දීම රහසිගතව සිදුවන බව ද දැනගන්නට ඇත.

    වාරීමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යය රොෂාන් රණසිංහ මහතාගේ උපදෙස් මත, ඉඩම් ලබා දීම සඳහා එම මන්ත්‍රීවරුන්ගෙන් නම් ලැයිස්තු ලබාගෙන රජයේ නේවාසික ඉඩම් නොමැති තැනැත්තන් වෙත පදිංචිය සඳහා බිම් කොටස් බැහැර කිරීමට යැයි පවසා මහවැලි අමාත්‍යවරයාගේ විශේෂ තේරීම් යටතේ  රහසිගතව ඉඩම් කච්චේරි පවත්වා මෙලෙස ඉඩම් බෙදා දීමේ කටයුතු සිදු වන බව මහවැලි අධිකාරි කාර්යාල ආරංචි මාර්ග පවසයි.

    එහිදී එම මන්ත්‍රීවරුන් විසින් සකස් කරන ලද ලැයිස්තුවල එම මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩල නිලධාරීන්, ආරක්ෂ නිලධාරීන් මෙන්ම හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් හා අපේක්ෂකයන් හා ඔවුන්ගේ ඥාතීන් ඇතුළු දේශපාලකයන්ගේ ආධාරකරුවන් මහවැලි අධිකාරියේ උසස් නිලධාරීන් හා ඔවුන්ගේ හිතවතුන් පිරිසක් ද සිටින බව වාර්තා වේ.

    ඉඩම් බෙදා දීම වෙනුවෙන් ඔවුන්ගෙන් බදු මුදල් පවා අය කර ගැනීම ද සිදු කර ඇතැයි වාර්තා වේ.

    කෙසේ වෙතත් ඔවුන්ට තවමත් ඉඩම් පෙන්වා මායිම් ලකුණු කර නැති බවත්, මෙම සතිය තුළ එය සිදු කිරීමට නියමිත බවත් මහවැලි අධිකාරී කාර්යාල ආරංචි මාර්ග පවසයි.

    එම ඉඩම් සඳහා රජයේ බදු මුදල් අය කර ගැනීමේ දී මෙන්ම, වටිනාකමින් වැඩි නගරාසන්නයෙන් ඉඩම් වෙන් කර ගැනීම වෙනුවෙන් මහවැලි අධිකාරියේ ඉහළ නිලධාරීයකු සන්තෝසම් ලබා ගෙන ඇතැයි ද වාර්තා වේ.

     නගරාසන්නයෙ වටිනාකමින් ඉහළ ඉඩම් ලබා ගැනීමට නම් මහවැලි අධිකාරියේ ප්‍රදේශයේ උසස් නිලධාරියකුට සන්තෝෂම් ලබා දිය යුතු යැයි පවසා තලාව ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකු රජයට ගෙවිය යුතු බදු  මුදල මෙන් දෙතුන් ගුණයක් වැඩියෙන් මුදල් අය කර ගෙන ඇති අතර, ඒසේ මුදල් ලබා එම මන්ත්‍රීවරයා පමණක් තඹුත්තේගම නගර මධ්‍යයෙන් ඉඩම් ලබා ගෙන ඇතැයි දැනගන්නට ඇත.

    සෙසු අය වෙත අතුරු මාර්ගයන්හී ඉඩම් වෙන් කර ගැනීමට කටයුතු කරන බවට තොරතුරු සැලවීම් හේතුවෙන් අදාළ එම ලැයිස්තුවල සිටින පිරිස් අතර ද මේ වන විට මත ගැටුම් ඇති වී ඇතැයි වාර්තා වේ.

    පසුගිය දින කීපය පුරා බදු අය කරගනිමින්, බදු බලපත්‍රද ඇතැම් පිරිස්වලට වෙත ලබා දී, මෙම සතිය තුළ ඉඩම් මායිම් ලකුණු කර දෙන බවට මහවැලි අධිකාරිය දැනුම්වත් කර ඇතැයි ආරංචි මාර්ග කියයි.

    මෙලෙස ඉඩම් ලබා දීමට සැලසුම් කර ඇති බහුතරයක් අයැදුම්කරුවන්ට ග්‍රාම නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, මහවැලි අධිකාරියේ කොට්ඨාස කළමනාකරුවන් හා ඒකක කළමනාකරුවන් හරහා කූඨ ලේඛන සකස් කර අසත්‍ය තොරතුරු ලබා දී මෙම ඉඩම් ලබා ගැනීම සඳහා සැලසුම් සකස් කර ඇති බවත් වාර්තා වේ.

    මෙම පිරිස් අතරින් ඇතැම් පිරිස් දිස්ත්‍රික්කය තුළ හෝ පළාත තුළ පදිංචි අය නොවන අතර වෙනත් ප්‍රදේශවල ස්ථීර පදිංචි පුද්ගලයන් බවත්, ප්‍රදේශයේ වටිනා ඉඩම්, ඉඩම් හිමි පිටස්තර පුද්ගලයන්ට ලබා දීම හරහා ප්‍රදේශයේ ඉඩම් නොමැති පුද්ගලයන්ට ඉඩම් අහිමි වන බවත් ප්‍රදේශවාසීහු චෝදනා කරති.

    මෙම චෝදනා සම්බන්ධයෙන් මහවැලි එච් කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකාර ඩබ්ලිව් සුගත් වීරසිංහ මහතාගෙන් කළ විමසීමක දී ඔහු කියා සිටියේ එම ඉඩම් බැහැර කර දැන් මාසයක් පමණ ගතවී ඇති බවය.

    මහවැලි අධිකාරියේ උසස් නිලධාරියකු මෙම ඉඩම් බෙදා දීමේ දී සන්තෝෂම් ලබා ගෙන ඇත්දැයි කළ විමසීමකදී ඔහු කියා සිටියේ, මෙම කටයුතු විනිවිදභාවයෙන් සිදු කර ඇති බවත්, අල්ලස් ලබා ගෙන ඇතැයි චෝදනා කරන්නේ නම් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිලි කර ඒ සම්බන්ධයෙන් සොයා බැලිය හැකි බවත්ය. මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ලබා ගන්නා ලෙස පවසා ඔහු දුරකථනය විසන්ධි කළේය.

    අනතුරුව අප ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කීර්ති බී කොටගම මහතාගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ ”‍දැන් ඉඩම් බෙදා දීම්, බැහැර කිරීම් කිසිම දෙයක් කරන්න බෑ, ජනාධිපතිතුමා නවත්වලා තියෙන්නේ’’ යනුවෙනි.

    මේ සම්බන්ධ වැඩි විස්තර නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩී.කේ.වී. විජේවීර මහත්මියගෙන් ලබා ගන්නා ලෙස ඔහු ඉල්ලීමක් කළේය.

    ඒ අනුව විජේවීර මහත්මියගෙන් කළ විමසීමේදී ඇය කියා සිටියේ, විශේෂ තේරීම් යටතේ, රජයේ ඉඩම් ආඥා පනත හා ආදායම් පන්තියට අනුව බදු අය කරගනිමින් නගර සීමාවන්හී නේවාසික ඉඩම් පර්චස් 20 බැගින් ලබා දීම පසුගිය කාලයේ සිදු කළ බවය.

    නමුත් නොවැම්බර් මස 11 වැනි දින නිකුත් කළ ජනාධිපතිතුමන්ගේ නියෝග මත ඉඩම් බැහැර කිරීම් මේ වනවිට නවතා ඇති බවයි.

    ඊට පෙර සිදු කළ ඉඩම් බැහැර කිරීමක් ගැනද දන්නේ නෑ ඔය කියන්නේ යැයිද පැවසුවාය.

    අනතුරුව මේ දිනවල ද බදු අය කරමින්, මෙම ඉඩම් සඳහා මායිම් ලකුණු කිරීම මෙම සතිය තුළ සිදු කිරීමට නියමිත බවත් ඔබට ලැබී ඇති තොරතුරු ගැන විමසූ විට ඇය කියා සිටියේ, දැන් බදු අය කරලා දැන් මායිම් පෙන්වන්න බෑ. මං මේ ගැන සොයා බලන්නම් යනුවෙනි.

    ඉඩම් හිමි පුද්ගලයන් කූඨ ලේඛන සකස් කර මෙම ලැයිස්තුවලට ඇතුළත් වී ඇති බව අප කී විට ඇය මෙසේ කීවාය. මේ පුද්ගලයන් සුදුසුකම් සපුරා තියෙනවා කියලා නේවාසික ව්‍යාපාර කළමනාකාරවරුන් හරහා කොළඹට එවනවා. අපි ඒ අනුව කටයුතු කරනවා, වැරදි අය තෝරලා තියෙනවා නම් ඒ කරලා තියෙන්නේ නේවාසික ව්‍යපාර කළමනාකාරවරුන්, අපිට පැමිණිලි ලැබුණොත් අපි මේ ගැන සොයා බලනවා. මේ සම්බන්ධ විරෝධතා ආවොත් අනවශ්‍ය ලෙස අනවශ්‍ය පුද්ගලයන්ට දී තිබෙනවා නම් ඒවා අහෝසි කරන්න පුළුවන්. අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ බලතල නේවාසික ව්‍යාපාර කළමනාකාරවරුන්ට ලබා දීලා තියෙනවා. නිවැරැදි තොරතුරු ලබා දී නිවැරැදිව රාජකාරී කිරීම ඔවුන්ගේ වගකීමක්. මම මේ ගැන සොයා බලා කටයුතු කරන්නම් යැයි ඇය පැවසුවාය.

    අනතුරුව අප මහවැලි අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (ඉඩම්) ගාමිණි ගුණවර්ධන මහතාගෙන්ද මේ සම්බන්ධයෙන් විමසීමක් කළ අතර, ඔහු කියා සිටියේ පසුගිය වසරේ ඉඩම් බැහැර කිරීම් සිදු කළ නමුත්, නොවැම්බර් මස 11 වැනි දිනෙන් පසු ඉඩම් බැහැර කිරීම් නවතන ලෙස ජනපතිතුමන් නියෝග කර ඇති බවයි.

    නොවැම්බර් මස 11 වැනි දිනට පෙර ඉඩම් බැහැර කිරීම මහවැලියට කළ හැකි වූවත්, ඉන් පසු ඉඩම් බැහැර කිරීමේ හැකියාවක් නැති බවද, නේවාසික ඉඩමක් හිමි පුද්ගලයකු කූඨ ලේඛන සකසා යම් හෙයකින් මහවැලිය හරහා ඉඩම් ලබා ගැනීමක් සිදු කර ඇත්නම් මහවැලි අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත පැමිණිලි කර ඒවා අහෝසි කිරීමට හැකි බවද ඔහු පැවසීය.

    උපුටාගැනීම ලංකාදීප.

    Tags: ප්‍රජා පුවත්විශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version