කළුතර ,පැල්පොල ප්‍රදේශයේ රබර් මෙට්ට කර්මාන්තශාලාවකදී තරුණයෙකු නිෂ්පාදන කටයුතු කරමින් සිටියදී ඔහුගේ දකුණු අත එක්වරම යන්ත්‍රය තුළට ඇදී ගොස් දකුණු අත වැලමිටට ඉහළ කොටසින් වෙන්ව යන්ත්‍රය තුළට ගොස් ඇති බව වාර්තා වේ.
අද (05) දහවල් මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ගල්පාත ,යටවර ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණයෙකි.
බරපතළ තත්ත්වයෙන් සිටි තරුණයා හොරණ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවා ඇති බව සදහන්.