සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් 2278/02 දරණ ගැසට් නිවේදනයට අනුව සහල් විකිණිය හැකි උපරිම සිල්ලර මිලක් නියම කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව, කීරි සම්බා කිලෝවක් රුපියල් 260ක්, සම්බා කිලෝවක් රුපියල් 230ක්, නාඩු කිලෝවක් රුපියල් 220ක් සහ රතු කැකුලු කිලෝවක් රු.210ක් ලෙස මිල නියම කර ඇති බව සදහන්.
පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය වෙළෙඳුන්ට දැනුම් දී ඇත්තේ සහල් අලෙවි කිරිමේදී පනවා ඇති මිල ගණන්වලට අනුව සහල් අලෙවි කරන ලෙසයි.
වැඩි මිලට සහල් අලෙවි කිරිම සම්බන්ධව නඩු පැවරීමකදී තනි පුද්ගල ව්‍යාපාරයකට අවමය රුපියල් ලක්ෂයේ සිට උපරිමය රුපියල් ලක්ෂ 5 දක්වා දඩ මුදලක්ද, පුද්ගලික සමාගමක් සඳහා අවමය රුපියල් ලක්ෂ 5යේ සිට රුපියල් මිලියන 5 දක්වා දඩ මුදලක් ද අධිකරණය මගින් නියම කර ඇති බව සදහන්.
මේ අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුම් දෙන්නේ සහල් වැඩි මිලට අලෙවි කිරිම සම්බන්ධව දිවයින පුරා වැටලීම් අඛණ්ඩව සිදුකරන අතර වැඩි මිලට සහල් අලෙවි කළහොත් නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවයි.
එමෙන්ම රජයේ නිවාඩු දිනවලද සති අන්තයේ මෙන්ම රාත්‍රී කාලයේදී ද වැටලීම් සිදුකරන බවට එම අධිකාරිය දැනුම් දී තිබේ.
ඒ අනුව සියලුම තොග සහ සිල්ලර වෙළෙඳසැල් පරික්ෂාවට ලක්කරන ලෙසද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
ඒ අනුව සහල් වැඩි මිලට අලෙවි කරන වෙළෙඳසැලක් වේ නම් ඒ සම්බන්ධව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කෙටි දුරකථන අංකය වන 1977 වෙත තොරතුරු ලබා දෙන ලෙසට මහජනතාවට දැනුම් දී තිබේ.