බෙලරෑස් රාජ්‍යයේ ග්‍රොඩිනෝ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි ශ්‍රී ලාංකික වෛද්‍ය ශිෂ්‍යයෙකු සිය දිවි නසාගෙන ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
තිෂාන් කුලරත්න නැමැති මෙම සිසුවා එම විශ්ව විද්‍යාලයේ තෙවැනි වසරේ අධ්‍යාපනය ලැබුවෙකු වන අතර දෙමව්පියන් සමග ඉතා සමීප සම්බන්ධතාවයක් සහිතව සිටි මෙම සිසුවා ,මව විසින් ගත් දුරකථන ඇමතුම්වලට ප්‍රතිචාර නොදැක්වීම නිසා ඇති වූ සැකය මත මව විසින් ඔහුගේ මිතුරන්ට දැනුම්දීමෙන් අනතුරුව මිතුරන් ඔහුගේ නේවාසිකාගාරයට ගොස් පරීක්ෂා කිරීමේදී ඔහුගේ මළ සිරුර සොයා ගෙන ඇති බව සදහන්.
සිසුවාගේ මරණය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් මෙතෙක් අනාවරණය වී නොමැත.














































