අමෙරිකානු හමුදාවට අයත් ගුවන් යානයක් බටහිර ජපානයට ආසන්න මුහුදට කඩා වැටී ඇති බව වාර්තා වෙයි.
එම අවස්ථාවේදී එම යානයේ 8 දෙනෙක් ගමන්කර ඇති බව සඳහන්.
ඔවුන් පිළිබඳ ව සහ කඩාවැටුණු යානයේ තත්ත්වය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් මෙතෙක් හමුවී නොමැති බවට ජපාන වෙරළ ආරක්ෂක බලධාරීන් පවසා තිබේ.
 
	    	



























 
		    


















