වසර දොළහකට පමණ පෙර සොරකම් කරන ලද බුද්ධ ප්‍රතිමාවක් රැස්වෙහෙර විහාරස්ථානයේ තිබී සොයාගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය ප්‍රකාශ කර තිබෙන බව වාර්තා වේ .
රුපියල් කෝටි 5 කට අධික වටිනාකමින් යුතු මෙම පිළිමය කිලෝග්‍රෑම් 45 ක් බරින් යුක්ත එකකි.
පිටකෝට්ටේ ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේ වැඩ වාසය කළ ආචාර්ය පුජ්‍ය හුනුපල ගම වජිර ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ලද පැමිණිල්ලක් මත මෙම විමර්ශනය සිදු කර ඇති අතර මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිදු කරන බව සඳහන් .
 
	    	



























 
		    

















