අධ්‍යාපන අමාත්‍යාංශය සහ තෘතික හා වෘත්තීය පුහුණු කොමිෂන් සභාව යටතේ පවතින මෙරට සියලු වෘත්තීය පුහුණු ආයතන ඒකාබද්ධ කොට වෙබ් අඩවියක් සහ ජංගම දුරකථන යෙදවුමක් සැකසීම සඳහා කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය ඇමරිකානු ඩොලර් මිලියන හයක විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව වාර්තා වේ.
එමගින් මෙරට තරුණ තරුණියන්ට තමන්ට සුදුසු වෘත්තිය පුහුණු පාඨමාලා, ඒවා පවත්වන ආයතන, විෂය නිර්දේශ, උපදේශකවරුන් ආදී සියලු තොරතුරුවලට එකම වෙබ් අඩවියක් හරහා ප්‍රවේශ වීමේ හැකියාව ලැබෙනු ඇත.
මෙම වැඩසටහන අධ්‍යාපන අමාත්‍යාංශය සහ තෘතික හා වෘත්තිය පුහුණු කොමිෂන් සභාව සමග ක්‍රියාත්මක කෙරෙන බව සදහන්.
අදියර කිහිපයක් යටතේ 2026 වසර දක්වා ඊට මුදල් ප්‍රදානයන් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.














































