ඊයේ (24) සවස 5.00 ට පමණ වීරකැටිය, රන්න මාර්ගයේ තලුන්න හන්දියේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයකු ඝාතනය කර තිබෙන බව වාර්තා වේ .
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ රන්න , කහදමෝදර පදිංචි සතිස් දිලංක නැමති 34 හැවිරිදි පුද්ගලයෙකි.
පොලීසිය පවසන්නේ මුදල් ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවයි.
ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර හුංගම පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි .














































