වයස අවුරුදු 9 ක ගැහැණු දරුවෙකු සහ 13 හැවිරිදි මානසික ආබාධයකින් පෙළෙන පිරිමි දරුවෙක්ට වධහිංසා කළ මවක් පෑලියගොඩ පොලිසිය විසින් ඊයේ (17) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
අදාළ මව රැකියාවට ගොස් නිවසට එන තෙක් එම දරුවන් දෙදෙනා අනාරක්ෂිත ලෙස කාමරයක රදවා තැබීම හා දරුවන්ගේ අධ්‍යාපනය ,පෝෂණය සම්බන්ධයෙන් සොයා නොබලා දරුවන් කෲරත්වයට පත් කිරීම යන චෝදනා මත මව අත්අඩංගුවට ගෙන තිබේ.
මව සහ දරුවන් දෙදෙනා වනවාසල පාර,තොරණ හන්දිය කැලණිය යන ලිපිනයේ තාවකාලික කුලී පදනම මත නිවසක රැදී සිට ඇති බව සදහන්.
දරුවන් දෙදෙනා මේ වන විට පොලිස් භාරයට ගෙන ඇති අතර අවුරුදු 26ක සැකකාර මව අද (18)අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන්.














































