වසර 33කට පෙර සිය මව සහ මවගේ අනියම් සැමියා එක්ව තම පියා ඝාතනය කර ඇති බවට පුතෙකු විසින් ඌරුබොක්ක පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන බවට වාර්තා වේ.
දැනට ආබාධිතව සිටින මව විසින් “මම පව්කාර වැඩක් කලා ” යනුවෙන් ඇයගේම නැගනියට පවසා එම ඝාතනය පාපොච්චාරණය කර ඇති බව සදහන්.
ඒ අනුව ක්‍රියාත්මක වූ පුතා විසින් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සිය පියා ඝාතනය කර දමා ඇති බව කියන වැසිකිලි වල පොලිස් නිලධාරින්ට පෙන්වා තිබේ.
ඉන්පසුව ඌරුබොක්ක පොලිසියේ ස්ථානාධිපති විසින් අධිකරණය දැනුවත් කර ඇති අතර අද (15) දින මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ එම මෘත ශරීරය ගොඩගැනීමට නියමිත බවට පොලිස් ආරංචි මාර්ග සදහන් කර තිබේ.