සීදූව අම්බලම්මුල්ල ප්‍රදේශයේ තිබී අභිරහස් ලෙස මියගිය පුද්ගල මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන ඇති බව වාර්තා වේ.
මෙලෙස මියගොස් ඇත්තේ 62 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකි.
මියගොස් ඇති පුද්ගලයා රැකියාවක් සොයා මීට දින කිහිපයකට පෙර එම ප්‍රදේශයට හඟුරන්කෙත ප්‍රදේශයේ සිට පැමිණ ඇති බවට හෙළිවී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් සීදූව පොලීසිය මේ වනවිට වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව සදහන්.














































