ඉංගිරිය – හඳපානගොඩ ප්‍රදේශයේ තේ ඉඩමක අතහැර දමා ඇති ජලය නොමැති ළිඳක් තුළ සැක කටයුතු ලෙස මිය ගොස් සිටි පුද්ගලයෙකුගේ මෘත ශරීරයක් ඇති බවට පසුගිය 9 වනදා ඉංගිරිය පොලිසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබෙන බව වාර්තා වේ .
මරණකරු මෙනේරියගම ප්‍රදේශයේම පිහිටි රබර් කර්මාන්තශාලාවක මුරකරුවෙකු ලෙස සේවය කර තිබේ. අදාළ පුද්ගලයා පසුගිය 7 වනදා සිට අතුරුදන්ව සිට ඇති බවටත් ,පසුව සිදු කළ සොයා බැලීමේදී තේ ඉඩමේ ජලය නොමැති ළිඳෙහි තිබී මළ සිරුර සොයාගත් බවත් සඳහන් වේ.
මරණකරු මීරියගොල්ල , පාදුක්ක ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි අයෙකි.
වාර්තා වන ආකාරයට පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව ගෙල සිර කිරීමක් වැනි ක්‍රියාවකින් සිදු වූ මරණයක් බව අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර වැඩි දුර විමර්ශන කටයුතු ඉංගිරිය පොලීසිය විසින් සිදු කරනු ලබයි .