නිවසක කුලී පදනම මත තාවකාලිකව පදිංචිව සිටි පුද්ගලයකු සැක කටයුතු ලෙස මියගොස් තිබෙන බව වාර්තා වේ .
ඊයේ (30) සවස් කාලයේ දී හොරණ, බණ්ඩාරවත්ත, පොකුණුවිට ලිපිනයේ පිහිටි නිවසක මෙම පුද්ගලයා මියගොස් සිටිය දී සොයාගෙන ඇති අතර එලෙස මියගොස් ඇත්තේ පෙතිගමුව කන්ද, හල්තොට ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් හොරණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.














































