වැල්ලවාය පොලිස් වසමේ ගංපංගුව ප්‍රදේශයේ නිවසක් තුළ කැපුම් තුවාල සහිතව පුද්ගලයෙකු මියගොස් සිටියදී හමුවී ඇති බව වාර්තා වේ.
ඒ පිළිබඳව වැල්ලවාය පොලිස් ස්ථානයට 118 අංකය ඔස්සේ ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කර තිබේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 33ක් වන ගංපංගුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
විමර්ශනවලින් අනාවරණය වී තිබෙන්නේ මියගොස් ඇති පුද්ගලයා තම මව සහ වැඩිමහල් සහෝදර සහෝදරියන් සමග නිවසේ වාසය කර ඇති බවත් , නිවසේ කිසිවෙකුත් නොමැති අවස්ථාවක මෙම ඝාතනය සිදුව ඇති බවත් , මරණකරු මත්පැන් පානයට ඇබ්බැහි වූ අයෙකු වන බවත් , නිවැසියන් සහ අසල්වැසියන් සමග නිතර ආරවුල් ඇති කරගන්නා අයෙකු බවත් ය.
ඝාතනය සම්බන්ධව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැල්ලවාය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.














































