යාපනය , කෝපායි , උරුම්පිරායි ප්‍රදේශයේ ළිඳක් තුළ තිබී 37 හැවිරිදි තිදරු මවකගේ මළ සිරුරක් ඊයේ (11) දින සොයා ගත් බව වාර්තා වේ.
මෙම කාන්තාව 10 වනදා රාත්‍රියේ නින්දට ගොස් ඇති අතර ඇයගේ ස්වාමිපුරුෂයා උදෑසන අවදි වී බලන විට තම බිරිඳ නිවස තුළ නොමැති බව නිරීක්ෂණය වී තිබේ. අනතුරුව ඇයව සොයා පරීක්ෂා කිරීමේදී නිවස ආසන්නයේ ඇති ළිඳක තිබී මළ සිරුර සොයා ගත් බව ස්වාමිපුරුෂයා විසින් පොලිසියට ප්‍රකාශ කළ බව සඳහන්.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යාපනය , උඩුවිල් ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට අනියුක්තව සේවය කළ තිදරු මවකි.
මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යාපනය රෝහලේ තැන්පත් කර ඇති අතර මෙම මරණය සියදිවි හානි කර ගැනීමක් ද , ඝාතනයක් ද යන්න සම්බන්ධව විමර්ශන කටයුතු සිඳු කරන බව කෝපායි පොලිසිය ප්‍රකාශ කර තිබේ.