මරදන්කඩවල පොලීසියට ලැබුණු තොරතුරකට අනුව කළ විමර්ශනයකදී මරදන්කඩවල ප්‍රදේශයේ නිවසක් තුල තිබී අභිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ නරක් වූ මළ සිරුරක් සොයා ගත් බව වාර්තා වේ.
මෙලෙස මිය ගොස් ඇති පුද්ගලයා දින කිහිපයක සිට මෙම නිවසේ හුදකලාව ජීවත්ව සිට ඇති අතර ඔහු අවිවාහක පුද්ගලයෙක් බව සඳහන්. මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නුවර පාර , මරදන්කඩවල පදිංචි 65 හැවිරිදි සින්නදොරේ යෝගරාසා නැමැත්තෙකි.
මෙම මරණය ඝාතනයක් ද , සියදිවි නසා ගැනීමක් ද , ස්වභාවික මරණයක් ද යන්න සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු සිඳු කරන බව සඳහන්.
මරණය සම්බන්ධයෙන් වූ ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණය කැකිරාව වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් පැවත්වූ අතර , ඔහුගේ නියෝගය පරිදි පශ්චාත් මරණ පරීක්ෂණය සදහා මෘත දේහය අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමු කර ඇති බව වාර්තා වේ.