ඔස්ට්‍රේලියාවේ හොබර්ට් නගරයේ වෙරළ තීරයේ තිබී ශ්‍රී ලාංකික තරුණයෙකුගේ බවට සැකකෙරෙන මළ සිරුරක් අද (21) පස්වරුවේ සොයා ගත් බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එරට පොලීසිය පවසා ඇත්තේ, මෙම පුද්ගලයා වසය අවුරුදු 18 – 25ත් අතර තරුණයෙකු විය හැකි බවයි.
කෙසේ වෙතත් මොහුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කර නොමැති බව සදහන්.
මෙම මරණය සැකසහිත බවත් ඒ සම්බන්ධයෙන් වෛද්‍ය පරීක්ෂණ ආරම්භකර ඇති බවත් පොලීසිය ප්‍රකාශ කර තිබේ.
එමෙන්ම වැඩිදුරටත් පොලීසිය පවසා ඇත්තේ, මෙම පුද්ගයා වෙනත් ස්ථානයකදී දියට වැටි පසුව මෙම ස්ථානයට පා වී ඇවිත් ඇති බවට සැකසහිත බවත්ය.















































