රන්මාල කොල්ල කෑමේ යෙදුණු නාවික හමුදා සෙබළෙකු කළුතර උතුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
කාන්තාවකගේ ගෙල බැඳි රුපියල් 40,000 කට අධික වටිනාකමින් යුතු රන් මාලයක් කොල්ල කෑමේ සිදුවීමක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකර මෙම නාවික හමුදා සෙබළා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු අද(24) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.














































