නුවරඑළිය දිස්ත්‍රික් නව සහකාර ලේකම් ලෙස පත්වු සමිර ගම්ලත් මහතා ඊයේ (16) දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි සිය රාජකාරි ආරම්භ කිරිම සිදුකළ බව වාර්තා වේ.
රඹුක්කන සහකාර ප්‍රාදේශීය ලේකම් ලෙස කටයුතු කළ සමිර ගම්ලත් මහතා 2015 වර්ෂයේදි ශ්‍රි ලංකා පරිපාලන සේවයට එක්ව ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සහකාර ලේකම්වරයකු ලෙස කටයුතු කර තිබේ.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් එම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි මෙම වැඩ ආරම්භ කිරිම පැවති අතර මෙම අවස්ථාවට නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් සුජිවා බෝධිමාන්න මහත්මිය ඇතුළු පිරිසක් එක් විය.