සියලු ශ්‍රේණිවලට අදාළ විදුහල්පතිවරුන් 5000ක පමණ පිරිසක් සඳහා ලබන මාසයේදී පත්වීම් ලිපි භාරදෙන බවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් මහතා ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
ඔහු ප්‍රකාශ කළේ එළඹෙන අයවැයේ දී ගුරුවරුන්ගේ වැටුප් වැඩිවීමක්ද සිදුවිය හැකි බවට විශ්වාස කරන බවයි.
“ශ්‍රේණි තුනේ විදුහල්පතිවරුන් 5000ක් පමණ බඳවා ගන්නවා. ලබන මාසේ 04 වනදාට ඒ අයගේ පත්වීම් ලිපි භාරදීමට අපි සූදානම්.”
“මේ සැරේ අය වැයෙන් යම් කිසි පඩි වැඩිවීමක් තියෙයි කියලා මම විශ්වාස කරනවා.”