අධිකරණ මගින් විත්තිකරුවන්ට නියම කරනු ලබන දඬුවම් ක්‍රමවේදය වෙනස් කිරීම සඳහා නව පනතක් ගෙන ඒමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.
අධිකරණවල සිදුවන නඩු පමාව අවම කිරීමේ කඩිනම් පියවරක් වශයෙන් මෙම නව පනත ළඟදීම ගෙන ඒමට නියමිතය.
‘‘මෙම පනත යටතේ යම් වරදක් මුල් අවස්ථාවේදීම පිළිඅරගෙන පොඩි නඩුවකට හෝ අඩු දඬුවමකට එකඟතාවයට ඇවිත් නඩුව කඩිනමින් අවසන් කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට මෙහිදී බලාපොරොත්තු වෙනවා. වර්තමානයේ පවතින දඬුවම් ක්‍රමවේදයට අනුව ගොඩක් පුද්ගලයන් වරද පිළිගන්න අකැමැති වෙන්නෙ අධිකරණ විනිසුරුවන් දැඩි දඬුවම් නියම කරයි කියන බිය නිසයි. ඒ නිසා අදාළ පනත කඩිනමින් ගේනවා’‘ යැයි අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.
‘‘අධිකරණවල විශාල වශයෙන් ගොඩ ගැසී තිබෙන නඩු භාණ්ඩ ඉවත් කිරීම සඳහාත් මේ වන විට නව ක්‍රමවේදයක් සකස් කර තිබෙනවා. එලෙස අධිකරණවල ගොඩ ගැසී තිබෙන නඩු භාණ්ඩ නියම හිමිකරු මාස 03ක කාලයක් ඇතුළත සොයා ගැනීමට නොහැකි වුවහොත් ඒවා ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා එම මුදල් නඩුවට බැර කරනවා. නඩුව දින්නොත් ඒ සල්ලියි පොලියයි දෙකම ගන්න පුළුවන්. නඩුව පරාජය වුණොත් එම මුදල් ආණ්ඩුවේ ඒකාබද්ධ අරමුදලට බැර කරනවා’’ යැයි අධිකරණ ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.













































