වසර 150ක තේ වගා ක්ෂේත්‍රයේ ප්‍රථම වරට කාන්තාවන් 24 දෙනකුට ක්ෂේත්‍ර නිළධාරි තනතුරු ප්‍රධානය කිරිමේ උත්සවයක් 27වන දින රදැල්ල ක්‍රීඩා ගාරයේදි සිදුකරන ලදි.
තලවකැලේ වැවිලි සමාගම මගින් අයදුම් පත් කැදවා එයින් තෝරා ගන්නා ලද කාන්තාවන් 24 දෙනකු සදහා මාස හතරක පුහුණුවක් ලබා දීමෙන් පසු එම පිරිසට පත්විම් ලිපි ප්‍රධානය කිරිම තලවකැලේ වැවිලි සමාගමේ සභාපති හේලිස් සමුහ ආයතනයේ විධායක අධ්‍යක්ෂක රෝෂාන් රාජදුරේයි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි.
මෙහිදි අදහස් දැක්වු රෝෂාන් රාජදුරේයි මහතා පවසන ලද්දේ, අයදුම් පත් 450ක් අතුරින් සම්මුඛ පරික්ෂණ පවත්වා 24 දෙනකු තෝරා ගෙන එම පිරිසට මාස හතරක කාලයක් පුහුණුව ලබාදී මෙම පත්විම් ලබා දිම සිදු කරන බවත්ය.
මෙම පිරිසට පුහුණු කාලය තුලදි රුපියල් 25000/=ක වැටුපක් ලබා දිමට පියවර ගත් බවත් එසේ වැටුප් ගෙවිම් හා අනෙකුත් කටයුතු සදහා රුපියල් ලක්ෂ 35ක පමණ මුදලක් තලවකැලේ වැවිලි සමාගම වැය කල බවත්ය.
එමෙන්ම මෙම පිරිස ඊයේ දින මෙසේ පත්විම් ලබාගෙන වතුවල ක්ෂේත්‍ර නිලධාරින් ලෙස කටයුතු ආරම්භ කලද මෙම පිරිසගේ කැපවිම මත හා සේවය කරන ආකාරය අනුව මෙම පිරිසට විධායක ශ්‍රේණියේ නිලධාරි තනතුරු කරා ගමන් කිරිමට හැකි බවත් ඒ සදහා අවශ්‍ය සියලුම පහසුකම් මෙම පිරිසට ලබා දිමට තම වැවිලි සමාගම කටයුතු කරන බවත්ය.
මෙහිදි අදහස් දැක්වු එහි විධායක අධ්‍යක්ෂ සේනක අලවත්තේගම මහතා අදහස් දක්වමින් පවසන ලද්දේ ,ඊයේ දිනය වතු ක්ෂේත්‍රයේ ඉතිහාස ගතවන දිනයක් බවත්ය.
වසර 150ක පමන තේ වගා කේෂත්‍රය තුල කාන්තාවන් සදහා ක්ෂේත්‍ර නිලධාරි තනතුරු ලබා දිම මුල් වරට අද දිනයේ සිදුවන බවත් මෙම තත්ත්වයන් මත වතුකරයේ නව පිබිදිමක් ඇති විය හැකි බවත්ය.
හේලිස් සමාගම වතුකරයට විවිධ දේ හදුන්වාදි ඇති බවත් බර වැඩි තේ කුඩ වෙනුවට සැහැල්ලු රෙදි කුඩ හදුන්වා දිම ,තේ දළු කිරිම සදහා ඩිජිටල් තරාදි හදුන්වාදිම, උදාහරණ වශයෙන් දැක්විය හැකි බවද ඔහු පැවසිය.
මෙසේ පත්විම් ලබා ගත් හක්මන ප්‍රදේශයේ පදිංචි මධුෂානි නිල්මිනි මහත්මිය තම පත්විම පිළිබඳව මාධ්‍ය වෙත ප්‍රකාශ සිදු කරමින් පවසන ලද්දේ, මෙය තමන් වැනි කාන්තාවන්ට නව ප්‍රවේශයක් බවත්ය.
මෙතෙක් කලක් වතුවල වැඩ කරන කාන්තාවන් වැඩි වුවද ඔවුන්ගේ වැඩ බැලිම් සිදු කරන ලද්දේ පිරිමි අය බවත් ඉදිරියේදි තමන් වැනි තවත් කාන්තාවන් පිරිසකටද මෙවැනි තනතුරු ලැබිම තුලින් තමන් වැනි අයට මෙන්ම වතුවල වැඩ කරන සමස්ථ කාන්තාවන්ටම විශාල සේවාවක් සිදුවන බවත්ය.
එමෙන්ම තමන්ට ලැබුණ මෙම තනතුර තුලින් හැකි උපරිම අයුරින් සේවය කර ඉදිරියට යාහැකි උපරිම මට්ටමට යාම තම අරමුණ බවද පවසන ලදි.