තේ ඇතුළු මෙරට වැවිලි කර්මාන්තය ඉදිරියට ගෙන යාමට නව වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් , එය නූතන ඩිජිටල් තාක්ෂණික ක්‍රමවේදය සමඟ එක් වූ විශිෂ්ඨ නිර්මාණයක් විය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ තේ වෙළෙඳුන්ගේ සංගමයේ 129 වන වාර්ෂික මහා සම්මේලනයට එක් වෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ .
එමෙන්ම මෙරට ආර්ථිකය තුළ පුළුල් කාර්යභාරයක් ඉටු කිරීමට තවමත් තේ කර්මාන්තයට ශක්තිය තිබෙන බවත් , ක්ෂේත්‍රයේ ගැටලු හඳුනාගනිමින් නව්‍යකරණය සමඟ එහි පරිවර්තනයකට සූදානම් විය යුතු බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කරන ලදී.














































