පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හට රුපියල් 50ක වටිනාකමකින් යුතු නව සේවා කාණ්ඩයේ තැපැල් මුද්දරයක් නිකුත් කර තිබෙන බව වාර්තා වේ.
මෙම නව මුද්දරය අද (06) කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්‍යාංශය විසින් පාර්ලිමේන්තු පුස්තකාලයේ දී පැවති බව සඳහන් වේ.
මෙම අවස්ථාවට නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ , නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන් , අමාත්‍ය බන්දුල ගුණවර්ධන , රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුළු පිරිසක් එක්ව සිටි බව වාර්තා වේ.















































