තලෙයිමන්නාරම තොට හා කොළඹ කොටුව අතර නව දුම්රිය සේවාවක් ආරම්භ කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ .
ඒ අනුව තලෙයිමන්නාරම තොට දුම්රිය ස්ථානයෙන් අලුයම 4.15 ට පිටත් වන මෙම දුම්රිය පෙරවරු 10.34 ට කොටුව දුම්රිය ස්ථානයට ළඟා වන අතර සවස 3.35 ට කොටුවෙන් පිටත්ව රාත්‍රී 10.48 ට තලෙයිමන්නාරම තොට දුම්රිය ස්ථානයට ළඟා වන බව වාර්තා වේ .
මෙම දුම්රිය වායුසමනය කළ පළමු පන්තියේ මැදිරි දෙකකින් ද , දෙවන පන්තියේ වෙන් කළ ආසන මැදිරි දෙකකින් හා දෙවන , තුන්වන පංතියේ සාමාන්‍ය මැදිරිවලින් ද සමන්විත වන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු ප්‍රකාශ කර තිබේ .















































