HIV අවදානමක් ඇති පුද්ගලයින් හට එම අවදානම වළක්වා ගැනීම සඳහා “ප්‍රෙප්” නැමති නව ප්‍රතිකාර ක්‍රමයක් හඳුන්වාදී ඇති බවට ජාතික ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් මර්දන වැඩසටහන පවසා ඇති බව වාර්තා වේ.
එහි අධ්‍යක්ෂ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය පැවසුවේ, දිවයින පුරා ඇති ලිංගාශ්‍රිත රෝග සායනවලින් මෙම ප්‍රතිකාර ලබාගත හැකි බවයි.
නව ප්‍රතිකාර ක්‍රමය සම්බන්ධයෙන් අදහස් දැක්වු ජාතික ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය,
“මාස තුනකට වරක් තමා අපි දත්ත එකතු කරලා, පරීක්ෂාවට ලක්කරන්නේ. සාමාන්‍යයෙන් වෙන වර්ෂවල වගේම තමා මේ වර්ෂයේත් HIV ආසාදනය වෙලා තියෙන්නේ. හැබැයි අපි විශේෂයෙන් කියන්න ඕනේ 2022 වර්ෂයේ 2021කට සාපේක්ෂව 48%ක HIV නව ආසාදිතයින් වැඩි වුණා. ඒකට හේතුව තමා 2021 වර්ෂයේ ගොඩක් අය කොවිඩ් ප්‍රශ්නය නිසා පරීක්ෂා කරන්න ආවේ නෑ. මේ වර්ෂය අවසානයේ තමා අපිට කියන්න පුළුවන් ගිය වසරට වැඩිය HIV ආසාදනය වැඩිවුණා ද? අඩුවුණා ද? කියලා. 2023 වර්ෂයේ පළමු කාර්තුවේ නව ආසාදන 165ක් වාර්තා වුණා. මෙයින් වැඩිපුරම ආසාදනය වෙලා තියෙන්නේ පිරිමි අයට.”
මේ අතර මේ වසරේ මුල් කාර්තුව තුළ HIV නව ආසාදිතයින් 165 දෙනෙකු වාර්තා වී ඇති බවට වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය සඳහන් කරයි.
“ජාතික ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් මර්දන වැඩසටහන මඟින් HIV අවදානමක් තියෙන අයට එය වළක්වා ගැනීම සඳහා ප්‍රතිකාර ක්‍රමයක් ආරම්භ කරලා තියෙනවා. ප්‍රෙප්” ප්‍රතිකාර ලබාගන්න පුළුවන් දිවයින පුරා තියෙන ලිංගාශ්‍රිත රෝග මධ්‍යස්ථාන 41න්ම. තමන් HIV අවදානමට ලක්වීමට අවදානම් හැසිරීම් තියෙන කෙනෙක් නම් වෛද්‍යවරයෙක් හමුවෙලා තමන්ගේ අවදානම ගැන කතා කරලා ඒ අවශ්‍ය ප්‍රතිකාර ලබාගන්න. මේ සඳහා කරනු ලබන පරීක්ෂණ සහ ලබාදෙන ඖෂධ නොමිලේ තමා පාවිච්චි කරන්නේ. HIV අවදානම තියෙන අයට මේ ප්‍රතිකාර ලබාගන්න කියලා අපි අවදානම් හැසිරීම් තියෙන අයගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.”















































