දුර්ලභ වෛරස් ආසාදනයක් හේතුවෙන් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ එම දෙදෙනා ” නිපා ” නම් වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි .
එලෙස මියගිය දෙදෙනාගෙන් එක් අයෙකු අගෝස්තු මාසයේදී ජීවිතක්ෂයට පත්ව ඇති අතර අනෙක් පුද්ගලයා මීට දින කිහිපයකට පෙර ජීවිතක්ෂයට පත්ව තිබේ. ඔවුන් එකම පවුලේ සාමාජිකයන් වන අතර තවත් දෙදෙනෙක් එම වෛරස ආසාදනය වී ඇති බවට සැක කෙරේ .ඔවුන් දෙදෙනාගේ ජෛව සාම්පල ද පරීක්ෂණ සඳහා යවා ඇති බව සඳහන්.
මෙම වෛරසය සම්බන්ධයෙන් වෛද්‍යවරු පවසන්නේ වෛරසය මඟින් මොළයේ සෛල විනාශ වන බවත් , එය මිනිසුන් අතර පැතිරෙන්නේ ශ්‍රාව ස්පර්ශයෙන් බවත්ය .
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම වෛරසය ආසාදනය වූ ඌරන් සහ වවුලන් මඟින් වෛරසය පැතිරෙන බවත් , ඊට සුදුසු ප්‍රතිකාර ක්‍රමයක් මෙතෙක් සොයාගෙන නොමැති බවත් ය.















































