රත්නපුර දිස්ත්‍රික්කයේ රක්වාන දෙමුවාවත මහ විද්‍යාලයේ දරුවන්ට ජල පහසුකම් ලබා දීම සඳහා ළිඳ තුළ ස්ථාපනය කර තිබූ වතුර මෝටරය සති කිහිපයකට පෙරදී යම් කිසි පුද්ගලයෙකු විසින් සොරකම් කර තිබුණි. මෙම පුවත සම්බන්ධයෙන් දැනගත් සමාජීය වටිනාකමකින් යුතු පුද්ගලයෙකු විසින් නවතම වතුර මෝටරයක් එම පාසලට ලබා දීමට කටයුතු කර ඇත.
මෙම අගනා පරිත්‍යාගය සිදු කළ පුද්ගලයා මීට වසර කිහිපයකට පෙර දෙමුවාවත මහ විද්‍යාලයෙන්ම සිප් සතර හැදෑරූ , දෙමුවාවත විද්‍යාලයෙන්ම රටට දායාද කරන ලද යහපත් පුරවැසියෙකි. ඔහු නමින් ගයන් මධුසංකය.
දෙමුවාවත මහ විද්‍යාලයේ දූ දරුවන්ගේ පිපාසය සංසිදුවීමට තිබූ වතුර මෝටරය සොරකම් කිරීමේ පුවත දැනගත් මෙම සුජාත පුත්‍රයා ඔහු පදිංචිව සිටින හළාවත ප්‍රදේශයේ සිට කුරියර් සේවාවක් හරහා රුපියල් ලක්ෂයකට වඩා වටිනාකමකින් යුතු සෙලෙක්ස් මෝටරයක් පාසල වෙත ලැබීමට කටයුතු යොදා තිබිණි.
කෙසේ නමුත් මෙම පරිත්‍යාගය පිළිබඳව වර්තමාන දෙමුවාවත පාසල් ප්‍රජාව ඔහුට දැඩි ගරුත්වයක් පිරිනමා තිබේ.