සුපිරි වෙළෙඳසැල් ඇතුළු ඕනෑම අලෙවි ආයතනයක සිදුවන යම් සොරකම් හෝ වෙනත් නීතිවිරෝධී ක්‍රියාවක් සිදුවන්නේ නම් එම පාර්ශව ආරක්ෂක නිලධාරීන් හරහා පාලනය කර පොලීසිය දැනුවත් කරන ලෙස පොලීසිය මහජනතාවට දැනුම් දෙනු ලබයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ, භාණ්ඩ සොරකම් කළ වරදට නීතියට පටහැනිව කිසිවෙකුට පහරදීම් සිදුකිරීමට හැකියාවක් නොමැති බවයි.
කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේ ,
“ඔබගේ ආයතනයේ තිබෙන යම් භාණ්ඩයක් සොරකම් කරනවා ඔබ දුටුවොත් ඔබට ආරක්ෂක නිලධාරීන් ඉන්නවා විශේෂයෙන් සුපිරි වෙළෙඳ සැලක නම්, එම තැනැත්තාව පාලනය කරලා පොලීසියට දැනුම්දීමක් කරන්න. නමුත් එයට විකල්පය පහරදීම නෙමෙයි. කිසිසේත්ම එය අනුමත කරන්න බැහැ. පහරදීමක් කරොත් අවසානයේ සැකකරුවන් ලෙස එම ආයතනයේ සේවය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගන්නවා. ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙනවා. මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකරන්න කියලා මෙවැනි ආයතනවල ඉන්න කළමනාකරුවන්ගෙන් සහ ඉහළ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. ඔවුන්ට උපදෙස් දීලා තියෙනවා. ආයතනය තුළ වැරදි කරන අයෙක් සිටියොත් ආරක්ෂක අංශ හරහා යම් පාලනයක් කරලා පොලීසියට දැනුම්දීමක් කරන්න…”














































