මහනුවර සහ කටුගස්තොට අතර දුම්රිය මාර්ගය නඩත්තු කිරීමක් හේතුවෙන් මහනුවර සිට මාතලේ දක්වා දුම් රිය ධාවනය දින 2කට තාවකාලිකව නැවැත්වීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ .
ඒ අනුව අගෝස්තු මස 18 වනදා මධ්‍යම රාත්‍රියේ සිට 21 වනදා පෙරවරු 04.00 දක්වා එම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය සිදු නොවන බව ශ්‍රී ලංකා දුම්රිය මූලස්ථානයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරි (ගමනාගමන) එන්.ජේ. ඉඳිපොලගේ මහතා ප්‍රකාශ කර තිබේ .