මීගහවත්ත, නාරංවල ප්‍රදේශයේ පිහිටි පිරිවෙනක වැඩ විසූ සාමනේර හිමිනමක් ළිඳකට වැටී අපවත් වී තිබෙන බව වාර්තා වේ .
ඒ පිළිබඳව මීගහවත්ත පොලීසියට ලද තොරතුරකට අනුව විමර්ශන ආරම්භ කර ඇති අතර මෙලෙස අපවත්වී ඇත්තේ, වයස අවුරුදු 12ක් වන සාමනේර හිමිනමකි.
හිමිනම පන්සලේ නොමැති වීම හේතුවෙන් සොයා බැලීමේ දී ළිඳට වැටී ඇති බව දැක තිබේ.
අනතුරුව හිමිනම ගොඩ ගනු ලැබූවත් උන්වහන්සේ ඒ වනවිටත් අපවත්ව සිට ඇති බව සඳහන් .
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු මීගහවත්ත පොලීසිය විසින් සිදුකරයි.














































