ඉලිප්පදෙණිය ප්‍රදේශයේ නිවසක් තුළ ඊයේ (27) පුද්ගලයකු පිළිස්සී මියගොස් ඇති බව වාර්තා වේ.
හලාවත පොලීසියට ලද තොරතුරක් මත මෙහි විමර්ශණ කටයුතු සිදුකර තිබේ.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 46ක ඉලිප්පදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මොහු වසර 3කට පමණ පෙර සිට එකතැන්ව සිට ඇති අතර සහෝදරිය සමග ජීවත්ව සිට ඇති බව සඳහන්.
සොහොයුරිය නිවසින් පිටතට ගිය අවස්ථාවේදී මෙම අනතුර සිදුව තිබේ.
හලාවත පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.