යතුරුපැදියක් ඇලකට පෙරළී යාමෙන් පුද්ගලයකු මියගොස් ඇති බව වාර්තා වේ.
මියගොස් ඇත්තේ තලාව ,ජයගග ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන පන්නිපිටිය ආරච්චිලාගේ දොන් සුනිල් කුමාර නැමැති අයෙකි.
රාජාංගනය,යාය 03 පැරකුම්පුර ප්‍රදේශයේ කුඹුරු වලට ජලය ගෙන යාම සදහා සකස් කර ඇති කොන්ක්‍රීට් යොදන ලද ඇලට යතුරුපැදියක් සහ පුද්ගලයකු වැටී ඇති බවට ලද තොරතුරක් ඊයේ (15) දින ගිරිබාව පොලීසියට ලැබී තිබේ.
එම තොරතුරට අනුව පොලිස් නිලධාරින් පැරකුම්පුර ප්‍රදේශයට ගොස් ඇලේ වැටී සිටි පුද්ගලයාව ගොඩට ගැනීමට කටයුතු කර ඇති අතර ඒ වන විටත් ඔහු මියගොස් තිබී ඇත.
මියගොස් ඇති අය යතුරුපැදියෙන් ගමන් කරමින් සිටින විට අනතුරට මුහුණ දෙන්නට ඇති බවට පොලීසිය පවසයි.














































