කළුතර සිරිකුරුස විදුහල ඉදිරිපිට ගාලුපාරේ පදික මාරුවේ දී පුද්ගලයෙකු යතුරුපැදියක ගැටී ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර යතුරුපැදිය පැදවූ හිටපු නාවික හමුදා සෙබළා සහ ඇයගේ දියණිය තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.
අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තල්ගස්වල, තල්ගස්වත්ත ඉහළ කොටසේ පදිංචි අය්යාප්පුලි යේසුදාසන් නමැති 54 හැවිරිදි පුද්ගලයකි.
අනතුරින් තුවාල ලැබූ හිටපු නාවික හමුදා සෙබළා සහ ඔහුගේ 17 හැවිරිදි දියණිය කළුතර නාගොඩ මහ රෝහලට ඇතුළත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දකුණ මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාගේ උපදෙස් පරිදි රථවාහන අංශ නිළධාරීන් පරීක්ෂණ පවත්වනු ලබයි.














































