වැල්ලවත්ත, ගාලුපාර ප්‍රදේශයේ මහල් ගොඩනැගිල්ලක ඉදිකිරීම් කටයුතුවල නිරතව සිටි පුද්ගලයෙකු එම ගොඩනැගිල්ලෙන් ඇද වැටි මියගොස් ඇති බව වාර්තා වේ.
පොලීසිය පැවසුවේ ඊයේ (13) පස්වරුවේ එම පුද්ගලයා ගොඩනැගිල්ලේ 08 වන මහලෙන් ඇද වැටී ඇති බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ 34 හැවිරිදි කරඳගොල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශණ කටයුතු වැල්ලවත්ත පොලිසිය විසින් සිදුකරනු ලබයි.














































