බිබිල කුඩාකිවුල බදුල්ලගම්මන ප්‍රදේශයේ අනවසර මැණික් පතලක කැණීම් කටයුතු කරමින් සිටි පුද්ගලයෙකු මතට පස් කණ්ඩියක් කඩා වැටීමෙන් එම පුද්ගලයා ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ .
මෙලෙස මියගොස් ඇත්තේ බදුල්ලගම්මන ප්‍රදේශයේ පදිංචි ආර්.එම් සමන් ප්‍රේමතිලක නැමති 48 හැවිරිදි අයෙකි.
පස්කණ්ඩියට යටවී සිටි ඔහු සිද්ධියවූ ස්ථානයේදීම මියගොස් සිටි අතර මෘතදේහය ගොඩගැනීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය බිබිල මූලික රෝහලට රැගෙනගොස් තිබෙන බව සඳහන්.
වැඩි දුර විමර්ශන කටයුතු බිබිල පොලීසිය විසින් සිදු කරනු ලබයි .