කදාන ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයක් තුළ පුද්ගලයකු මියගොස් තිබෙන බවට වාර්තා වේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කදාන,නාගොඩ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 42ක් පමණ වූ විවාහක පුද්ගලයකු බවට තොරතුරු අනාවරණය කරගෙන තිබේ.
ඔහු ඊයේ(11) මධ්‍යම රාත්‍රියේ සම්භාහන මධ්‍යස්ථානයට පැමිණ ඇති අතර අද අලුයම මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.
හෘදයාබාධයක් හේතුවෙන් මෙම පුද්ගලයා මියගොස් ඇති බවට සැක පළ කරන කදාන පොලිසිය මගින් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.














































