නාදුනන පුද්ගලයෙකුගේ ඇසිඩ් ප්‍රහාරයකට ලක්ව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
මෙලෙස මියගොස් ඇත්තේ 58 හැවිරිදි කුලී වැඩවල නිරතවන සියඹලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පසුගිය විසිපස් වැනිදා පාදුක්ක සියඹලාව ප්‍රදේශයේ පිහිටි මියගිය පුද්ගලයාගේ නිවසට පැමිණි නාදුනන පුද්ගලයෙකු විසින් මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ල කර ඇති බවට විමර්ශනවලදී හෙළිව තිබේ.
ඇසිඩ් ප්‍රහාරය එල්ල කළ පුද්ගලයන් සොයා පාදුක්ක පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ.














































