වික්ටෝරියා ජලාශයේ දිය නෑමට ගිය පුද්ගලයෙක් ඊයේ (25) දියේ ගිලී මියගොස් ඇති බව වාර්තා වේ.
අදාළ පුද්ගලයා දිය නෑමට ගොස් ඇත්තේ නිවැසියන් සමග බව සඳහන්.
මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 48ක අලුත්වත්ත,රජවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම පුද්ගලයා දියේ ගිලෙමින් සිටියදී ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන ඇති අතර තෙල්දෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බවට පොලීසිය සඳහන් කරයි.














































