මහව – බඩල්ගම මහවැවෙහි ඊයේ (15) උදෑසන 53 හැවිරිදි පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් ඇති බව වාර්තා වේ.
මෙම පුද්ගලයා පසුගිය 14 වැනිදා සවස් කාලයේදී මාළු ඇල්ලීම සදහා ගොස් ඇති අතර නැවත නිවසට නොපැමිණි බවට පොලිසියට ලද පැමිණිල්ලක් මත කරන ලද සෝදිසි කිරීමකදී මෙම පුද්ගලයාගේ සිරුර සොයා ගැනීමට සමත්ව ඇති බව සදහන්.
මෘත දේහය කුරුණෑගල රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මහව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.














































