වල් ඌරන් දඩයම් කිරීමට කුඹුරක ඇද තිබූ විදුලි රැහැනක පැටලී අගලවත්ත පැලෑඳ ගලගංගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අද (09) දින මියගොස් ඇති බව වාර්තා වේ.
මෙසේ මියගොස් ඇත්තේ බදුරලිය පොලිස් වසමේ ගලගංගොඩ, පැලෑද අගලවත්ත පදිංචි කාරියවසම් මානආරච්චිගේ විදුරංග ගයාෂාන් නැමැති වයස අවුරුදු 31ක පුද්ගලයෙකි.
ඔහුගේ දෙමාපියන්ට අයත් නිවසට මිටර් 150 ක් පමණ එහායින් ඇති කුඹුරු ඉඩමේ ඔහු විසින්ම වල් ඌරන් දඩයම් කිරීමට අනවසර විදුලි රැහැනක් ඇද ඇති අතර අද එම විදුලි රැහැන් ඉවත් කිරිමට ගිය අවස්ථාවේ දී එම කම්බියක්ම පෑගි විදුලි සැර වැදීම නිසා මෙම අනතුර සිදුව ඇති බව සදහන්.














































