කොස්ගම මුනමල්වත්ත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයකු ඝාතනය කර ඇති බව වාර්තා වේ.
මෙම ඝාතනය වූ පුද්ගලයා හා තවත් පුද්ගලයෙකු අතර සිදුවූ බහින් බස්වීමක් දුරදිග යෑමෙන් එක් පුද්ගලයෙකු අනෙකා හට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර බවයි වාර්තා වන්නේ.
පහර කෑමෙන් මියගොස් ඇත්තේ 35 හැවිරිදි කළුඅග්ගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය සදහන් කර තිබේ.
ඝාතකයා හදුනා ගෙන ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මෙහෙයුමක් ආරම්භ කර තිබේ.














































